භූ කම්පන පිළිබඳ විද්වත් කමිටුවේ අතුරු වාර්තාව 31

දෙසැ 26, 2020

    වික්ටෝරියා ජලාශය ආශ්‍රිතව සිදු වූ භූ කම්පන සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් පැවැත්වීම සඳහා පත්කළ විද්වත් කමිටුවේ අතුරු වාර්තාව ලබන 31 වැනි දා භාරදීමට සැලසුම් කර තිබේ.

    කමිටුවේ සභාපති භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සභාපති අනුර වල්පොල මහතා සඳහන් කළේ, ඊට අදාළ කටයුතු මේ වනවිට සකස් කරමින් පවතින බවයි.

    ඒ අනුව ලබන 31 වැනි දා කමිටු වාර්තාව පරිසර අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාට භාරදෙන බව ඔහු සඳහන් කළේය.

    භූ කම්පන සිදුවීමට හේතූ සොයා බැලීම විද්වතුන් 11 දෙනෙකුගෙන් සමන්විත කමිටුව පත් කිරීමේ අරමුණයි.

    Latest News