අපරාධ නඩු විශේෂ විධිවිධාන පනතේ ක්‍රියාකාරීත්වය දීර්ඝ කෙරේ

දෙසැ 26, 2020

    අපරාධ නඩු විධිවිධාන සංග්‍රහයේ විශේෂ විධිවිධාන පනතේ ක්‍රියාත්මකවීම් 2021 පෙබරවාරි මස දෙවැනි දින සිට අවුරුදු දෙකක් බලපැවැත්වෙන පරිදි දීර්ඝ කර තිබේ.

    පසුගිය 23දා අධිකරණ ඇමැති මොහොමඩ් අලි සබ්රි මහතා විසින් නිකුත් කරන ලද අති විශේෂ ගැසට් පත්‍රයක් මඟින් මේ දීර්ඝ කිරීම සිදුකර ඇත.

    මේ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙන්නේ 2013 අංක 2 දරන අපරාධ නඩු විශේෂ විධි විධාන පනතේ 07වැනි වගන්තියේ දෙවැනි උප වගන්තියට අනුව අධිකරණ ඇමැතිවරයා වෙත පැවරී තිබෙන බලතල ප්‍රකාරවි.

    මෙය විමර්ශන පැවැත්වීම පහසු කිරීම සඳහා වරෙන්තුවක් නොමැතිව සිරභාරයට ගනු ලැබූ තැනැත්තන් රඳවා තබා ගැනීමේ කාල සීමාව දීර්ඝ කිරීම සඳහාත්, ඇතැම් නඩුවලදී ලඝු නොවන පරීක්ෂණ පැවැත්වීම බැහැර කිරීම සඳහාත්, පැමිණිල්ලේ සාක්ෂිකරුවන්ගේ දිවුරුම් සාක්ෂි ලබා ගැනීම සඳහා විධිවිධාන සැලැස්වීම සඳහා ද ඊට සම්බන්ධ හෝ ආනුෂංගික කාරණා සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස වූ පනතක් වේ.

    Latest News