මෙවර හදිසි අනතුරු අවම නත්තල් සමයක්

දෙසැ 26, 2020

    නත්තල් දිනය වූ ඊයේ දිනයේ ප‍්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරු වලින් පුද්ගලයින් 06 දෙනෙකු මියගොස් තිබෙනවා.

    පුද්ගලයින් 39 දෙනෙකු රිය අනතුරු වලින් තුවාල ලබා ඇති බවයි, පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසන්නේ.

    සෑම වසරකම වසර අවසාන භාගයේ රිය අනතුරු වාර්තා වීමේ වැඩි ප‍්‍රවණතාවක් දක්නට ලැබෙනවා.

    එමනිසා මෙම කාල සීමාවේදී රිය ධාවනයේදී මෙන්ම මහමග ගමන් කිරීමේදී වඩාත් සුපරීක්ෂාකාරී විය යුතු බවයි, පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

    Latest News