ව්‍යාජ විදෙස් මුදල් නෝට්ටු මුද්‍රණය කිරීමේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට

දෙසැ 26, 2020

    ව්‍යාජ විදෙස් මුදල් නෝට්ටු මුද්‍රණය කිරීමේ ජාවාරමකට ආධාර අනුබල ලබාදුන් පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    අදාළ මුදල් නෝට්ටු මුද්‍රණය කිරීම සඳහා මුද්‍රණ යන්ත්‍රය සහ විශේෂිත කඩදාසි වර්ගයක් මෙරටට ආනයන කිරීම සම්බන්ධයෙන් අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

    කන්තලේ සහ අනුරාධපුර පොලිස් ස්ථාන මගින් පසුගිය කාලයේ ව්‍යාජ ලෙස මුද්‍රණය කරන ලද ඩොලර් සියයේ නෝට්ටු 327ක් සොයා ගෙන තිබිණ.

    සිද්ධියට අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරඇති අතර එම මුදල් නෝට්ටු මුද්‍රණයට යොදාගත් මුද්‍රණ යන්ත්‍රය සහ විශේෂිත වූ කඩදාසි වර්ගය මෙරටට ආනයනය කළ පුද්ගලයා සොයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර තිබිණ.

    ඒ අනුව ඊයේ (25) අනුරාධපුර ප්‍රදේශයේදී අදාළ සැකකරු අත්අඩංගුවටගෙන ඇත.

    ඔහු බත්තරමුල්ල ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙකි.

    Latest News