කාලගුණිත දත්ත ලබාගැනීමට බැලූනයක් ගුවනට

දෙසැ 26, 2020

    වායුගෝලයේ විවිධ සංඝටක පිළිබඳ සහ කාලගුණික දත්ත ලබාගැනීම සඳහා බැලූනයක් ගුවන්ගත කිරීම අද සිදු කෙරිණ.

    විශ්වවිද්‍යාල 18ක සිසු සිසුවියන් එක්ව එම අත්හදාබැලීම සිදු කලේ, දඹුල්ල ඩී.එස්.සේනානායක විද්‍යාල භූමියේදී. එවැනි අත්හදා බැලීමේ බැලූනයක් මෙරට ගුවන්ගත කළ ප්‍රථම අවස්ථාව ද මෙයයි.

    විශ්වවිද්‍යාල 18ක සිසු - සිසුවියන් දින කිහිපයක් කණ්ඩලම ප්‍රදේශයේ රැඳී සිටිමින් අද උදෑසන අත්හදා බැලීමේ බැලූනය ගුවන්ගත කළේය. අමෙරිකාවෙන් ගෙන්වන ලද උපකරණ උපයෝගී කරගනිමින් ගුවන්ගත කළ මෙම බැලූනයට දත්ත රැස් කිරීමේ පෙට්ටියක් ද සවිකර තිබිණ.

    බැලූනය කිලෝමීටර් 35 ත් 40ත් අතර ඉහළට ගමන් කර පුපුරා යාමෙන් පසු එහි සවිකොට ඇති පැරෂුටයක් මගින් දත්ත සහිත පෙට්ටිය පොළවට පතිත වන බවයි විශ්වවිද්‍යාල සිසුන් කණ්ඩායම පවසන්නේ.

    මෙම අත්හදා බැලීම සාර්ථක වුවහොත් ඉදිරියේදී සැටලයිට් වෙනුවට බැලූන යොදාගෙන දත්ත රැස් කිරීමට හැකිවෙයි. ඉහළ වායුගෝලයේ පවතින විවිධ සංඝටක ප්‍රමාණයන් හෙළි කරගැනීම මෙන්ම කාලගුණික දත්ත සපයා ගැනීම මෙමගින් සිදුකළ හැකියි. පර්යේෂණ කණ්ඩායමේ උපදේශක සඳුන් බස්නායක මහතා පවසන්නේ,මෙම බැලූනවලින් කැළෑ එළි පෙහෙළි කිරීම වන අලින් පිළිබඳ ද තොරතුරු රැස්කිරීම කළ හැකි බවයි.

    Latest News