කෙසෙල්ගමුඔයේ අනවසරෙන් මැණික් ගැරෑ 6 ක් අත්අඩංගුවට

දෙසැ 26, 2020

    නිරෝධායන උපදෙස් නොතකමින් කෙසෙල්ගමුඔයේ රක්ෂිතයේ අනවසරෙන් මැණික් ගැරු සැකකරුවන් හය දෙනෙකු අත්අඩංගුවට.

    නිරෝධායන උපදෙස් නොපිලිපදිමින් බලපත්‍රයක් නොමැතිව කෙසෙල්ගමුඔය රක්ෂිතයේ පරිසර විනාශයක් සිදුකරමින් අනවසරෙන් මැණික් ගරමින් සිටි සැකකරුවන් හයදෙනෙක් (26) දින අලුයම අත්අඩංගුවට ගත් බව බගවන්තලාව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ශාන්ත බණ්ඩාර මහතා පැවසීය.

    බගවන්තලාව සිට කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා කෙසෙල්ගමුඔය රක්ෂිතයේ තෙරේසියා වත්ත ප්‍රදේශයෙන් සැකකරුවන් විශාල වලවල් හාරා විදුලියෙන් ක්‍රියා කරන වතුර ඉසින යන්ත්‍ර උපයෝගී කරගෙන අනවසරෙන් මැණික් ගැනීමේ ජාවාරමේ නිරතව සිටි බවයි, පොලිස් ස්ථානාධිපතිවරයා කියා සිටියේ.

    සැකකරුවන් අනවසරෙන් මැණික් ගැරු ස්ථානයට යාබදව පිහිටි වතු නිවාස පේලියක සිට ඉතා සුක්ෂම ලෙස වයර යොදාගෙන විදුලි බලය ද ලබාගෙන මැණික් ගැරීම සිදුකරමින් සිටි බවත්, සැකකරුවන් මැණික් ගැරීමට උපයෝගී කරගත් උපකරණ රැසක් පොලිස් භාරයට ගත් බව පොලිස් ස්ථානාධිපතිවරයා පැවසීය.

    අත්අඩංගුවට ගත් සැකකරුවන් බගවන්තලාව තෙරේසියා වත්තේම පදිංචිකරුවන් බවත්, සැකකරුවන් පොලිස් ඇප මත මුදාහැරි බවත් සැකකරුවන්ට එරෙහිව නිරෝධායන නීතිවලට පටහැනිව කටයුතු කිරීම සඳහා බලපත්‍රයක්වත් නොමැතිව මැණික් ගැරීම යන චෝදනා යටතේ හැටන් මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නෛතික පියවර ගැනීමට කටයුතු කරන බවයි, පොලිස් ස්ථානාධිපතිවරයා කියා සිටියේ.

    Last modified on සෙනසුරාදා, 26 දෙසැම්බර් 2020 12:43

    Latest News