කොවිඩ්-19; පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 29,882ක් (වීඩියෝ)

දෙසැ 23, 2020
  • කොවිඩ්-19 රෝගයෙන් පූර්ණ සුවය ලැබූ පිරිස 29,882 දක්වා ඉහළ ගොස් ඇතැයි, වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

    සුවය ලැබූ තවත් 582ක් රෝහල්වලින් අද පිටව ගියේය.

    පොළොන්නරුව දිස්ත්‍රික්කයේ කොවිඩ්-19 ප්‍රතිකාර මධ්‍යස්ථානවල සිටි තවත් 70ක් සුවය ලබා අද පිටව ගියේය. ඔවුන් කොළඹ, ගම්පහ කලුතර, කුරුණෑගල සහ පුත්තලම යන දිස්ත්‍රික්කවල පදිංචිකරුවන්.

    කෑගල්ල කොවිඩ්-19 ප්‍රතිකාර මධ්‍යස්ථානවල සිටි තවත් 64 දෙනෙකු ද, සුවය ලබා අද පිටව ගිය බව, කෑගල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය කුමාර වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

    මේ මස ආරම්භයේ සිට අද දක්වා කොවිඩ්-19 රෝගය වැළඳුණු 12,892ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ. සුවය ලබා මේ දක්වා දිනක් තුළ පිටව ගිය වැඩිම පිරිස වාර්තා වූයේ ඉකුත් 16 වැනි දිනයි. ඒම පිරිස 785ක්. සුවය ලබා අද පිටව ගිය පිරිසට 582ක් ඇතුළත්.

    Last modified on බදාදා, 23 දෙසැම්බර් 2020 22:51

    Latest News