තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි

දෙසැ 23, 2020

    උතුර, නැගෙනහිර, උතුරු මැද, මධ්‍යම, ඌව යන පළාත්වල සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ විටින් විට වැසි ඇති වන බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    සෙසු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි හෝ හටගත හැකියි.

    සබරගමුව පළාතේ සහ ගාල්ල හා මාතර යන දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිලීටර් 100 ඉක්මවූ තද වැසි ඇතිවීමේ හැකියාවක් පවතී. සෙසු ප්‍රදේශවල පස්වරු 1.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි හෝ ඇතිවිය හැකිය. ගිගුරුම් සහිත වැසි සමඟ හටගත හැකි තාවකාලික තද සුළං හා අකුණු මගින් විය හැකි අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.

    Latest News