විදුලිබල සංවර්ධනයට කැනඩා සහ ප්‍රංශ සහය

ජන 22, 2019
    වසර 2020 දී ලංකාව ප්‍රමුඛ සමස්ත ලෝකය හමුවේ ඇතිවිය හැකි බලශක්ති අර්බුදයට ස්ථිර පිළියම් සෙවීමේ අරමුණින්, ප්‍රංශ සහ කැනේඩියානු තානාපතිවරුන්, විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා අතර හමුවක් පැවතිනි.
    විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශයේ ඊයේ (21) පැවති හමුවට ප්‍රංශ තානාපති එරික් ලැවර්ටු මහතා අැතුළු ධූත පිරිසක් සහ කැනේඩියානු තානාපති ඩේවිඩ් මැකිනොන්  මහතා සහභාගි වූහ.
     
    ජනගහන සහ තාක්ෂණික වර්ධනය හේතුවෙන් ලොකයේ බලශක්ති ඉල්ලුමේ කැපී පෙනෙන වර්ධනයක් සිදුවී ඇති තිබේ. අප සතුව පවතින සීමිත සම්පත් මෙන්ම ඉදිරි වසර කිහිපය තුළදී ඇතිවිය හැකි බලශක්ති ඉල්ලුම සපුරාලීමේ ගැටලුවක් ඇතිවීම අනිවාර්යය බවත්, එම ගැටලුවෙන් මිදීමට ස්ථිර විසදුමක් සෙවීමට පෙළඹිය යුතු බව අමාත්‍ය කරුණානායක මහතා පැවසීය.
     
    විදුලිය වැනි අත්‍යාවශ්‍ය යටිතල පහසුකම් සැපයීම අතින් ලංකාව, තම රටවලට වඩා ඉදිරියෙන් සිටින බව මෙහිදී අදහස් දැක්වූ තානාපතිවරුන් අවධාරණය කළේය. ලංකාව වැනි සංවර්ධනය වන රටක ජනතාවගේ යටිතල පහසුකම් පිළිබදව විශේෂ අවධානයක් යොමු කිරීම රජයක් ලෙස ලබා ඇති විශිෂ්ට ජයග්‍රහනයක් බව ඔවුන් කියා සිටියේය. ඒ තුළින් රටක් වශයෙන් නැගී සිටීමට සහ සංවර්ධනාත්මක මාවතට අවතීර්ණ වීමට පහසු බව කියා සිටී.
     
    පාරිභෝගිකයාට බරක් නොවී, මිල අවම, අඛණ්ඩ විදුලි සැපයුමකට එහි දිශානතිය පුනර්ජනනිය බලශක්ති ප්‍රභවයන් වෙත යොමු කිරීමට කටයුතු කර ඇති බව අමාත්‍යවරයා කියා සිටියේය.  ලංකාව ප්‍රමුඛ රටවල්  මුහුණ පාන බලශක්ති අර්බුදය අවම කර ගැනීම සදහා ප්‍රංශ සහ කැනඩා රජයන් අනුගමනය කරන ක්‍රියාමාර්ගය සහ තාක්ෂණික ඥානය ලබා ගැනීමට ශ්ත‍රි ලංකාව බලාපොරොත්තුවෙන් සිටින බව ද ඔහු කියා අවධාරණය කලේය.
    රටවල් අතර පවතින්නාවූ අන්යෝන්‍ය සහයෝගය සහ මිත්‍රත්වය වර්ධනය වන බවත්, ඒ තුළින් බලශක්ති අර්බුධයට මෙන්ම ආර්ථික, සමාජයීය මෙන්ම ජනතාවගේ සුභසිද්ධිය වෙනුවෙන් ගතයුතු ඉදිරි සංවර්ධනාත්මක ක්‍රියාමාර්ගන් සාමූහිකව ක්‍රියාත්මක කළ හැකි බව අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.
     
     
     
    Last modified on අඟහරුවාදා, 22 ජනවාරි 2019 11:37

    Latest News