අගමැතිතුමා මිරිසවැටිය හිමියන්ගේ සුවදුක් විමසයි

දෙසැ 22, 2020

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මිරිසවැටිය විහාරාධිකාරී පූජ්‍ය ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් බැහැදැක උන්වහන්සේගේ සුවදුක් විමසා සිටියේය.

    ඒළඹෙන වසරේ ක්‍රියාත්මක රජයේ ඉදිරි ශාසනික හා සමාජයීය කටයුතු මෙන්ම, කොවිඩ් වසංගතය හමුවේ ජන ජිවිතය නඟා සිටුවීමට රජය ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා මෙහිදී පූජ්‍ය ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් දැනුවත් කළේය.  මැති-ඇමතිවරුන් ඇතුළු තවත් ජනතා නියෝජිතයන් පිරිසක් ද මේ අවස්ථාවට ඒක්වූහ. 

    Latest News