සංචාරකයන්ට ලබන 26 සිට ජනවාරි 19 දක්වා සෞඛ්‍ය ක්‍රමවේදවලට අනුගතව මෙරටට පැමිණිමට අවස්ථාව (වීඩියෝ)

දෙසැ 22, 2020
  • සංචාරකයන්ට ලබන 26 සිට ජනවාරි 19 දක්වා සෞඛ්‍ය ක්‍රමවේදවලට අනුගතව මෙරටට පැමිණිමට අවස්ථාව ලබාදීමට රජය තීරණය කර තිබේ.

      ඒම කාලය තුළ ගුවන් සමාගම්වලට සහන රැසක් පිරිනැමීමට ද, අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවිය.  විදෙස් ශ්‍රමිකයන්ගේ සඳහා දිරි දීමනා ලබාදීමට ද රජය තීරණය කර තිබේ.

    දේශීය පොල්තෙල් නිෂ්පාදකයින් දිරිමත් කිරීම පිණිස මාස 3ක කාලයක් සඳහා කැබලි කරන ලද, වියළි පොල් මද ආනයනය සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවිය.  ඒය වැවිලි අමාත්‍ය රමේෂ් පතිරණ සහ කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ යන මහත්වරුන්ගේ යෝජනාවක්.

    කොවිඩ්-19 න් මියයන මුස්ලිම් ජාතිකයන්ගේ දේහ භූමදානය සඳහා මාලදිවයින වෙත රැගෙන යාමට රජය කිසිදු තීරණයක් ගෙන නොමැති බව ද, මෙහිදී ප්‍රකාශ කෙරිණ.

    ලබන 26 වැනිදා සිට ජනවාරි 19 දක්වා ක්‍රියාත්මක සංචාරකයන් මෙරටට පැමිණිමේ නියමු වැඩපිළිවෙළේදී ගුවන් සමාගම් සඳහා සහන රැසක් ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

    මහජන උපයෝගිතා කොමිසම අහෝසි කිරීමට රජයගත් තීරණය පිළිබඳව ද මාධ්‍ය හමුවේදී පැහැදිලි කෙරිණ.

    Last modified on අඟහරුවාදා, 22 දෙසැම්බර් 2020 19:56

    Latest News