මහියංගන, විරානගමට මාළු වැස්සක් (වීඩියෝ)

දෙසැ 21, 2020
  • මහියංගන, විරානගම ප්‍රදේශයට වර්ෂාවත් සමඟ මාළු පැටවුන් රැසක් බිමට පතිත වී ඇතැයි, ප්‍රදේශවාසීන් පවසයි. 

    ඒ්, ඊයේ රාත්‍රී සහ අද (21) දින ඇද හැළුණු වර්ෂාපත් සමඟ. විරානගම ගම්මානයේ ගෙවතු කිහිපයකට හා කුඹුරු ආශ්‍රිතව මෙලෙස මත්ස්‍ය පැටවුන් වැටී සිටි බව ගම්වාසීන්ට නිරික්ෂණය වී තිබේ.

    ඔවුන් පවසන්නේ මෙලෙස ඇද වැටී ඇත්තේ, මීට පෙර දක්නට නොලැබුණු මත්ස්‍ය විශේෂයක් බවයි. ප්‍රදේශයේ වැව් හෝ ඇළ මාර්ගවල මෙවැනි මත්ස්‍යයින් නොමැති බවද ගම්වාසීන් පවසයි.  ඇතැම් පුද්ගලයින් කිලෝ ගණනින් මසුන් ඒක්රැස් කරගෙන රැගෙන ගිය බව වාර්තාවේ.

    Last modified on සදුදා, 21 දෙසැම්බර් 2020 20:30

    Latest News