"වැඩ සමඟ යළි ගමට"; බස්නාහිර පළාත

දෙසැ 21, 2020

    යෝජිත සංවර්ධන ව්‍යාපෘතිවලින් ප්‍රතිලාභ අත්කර ගැනීමට නම් ජනවාරි මාසයේ සිට බස්නාහිර පළාත කොවිඩ්-19 ආසාදිතයන්ගෙන් තොර කලාපයක් බවට පත්කළ යුතු බව, ආර්ථික පුනර්ජීවනය හා ධරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා පවසයි. 

    ජාතික ආර්ථිකයේ කේන්ද්‍රස්ථානය ලෙස සැලකෙන්නේ ද බස්නාහිර පළාතයි. බැසිල් රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේ ගම සමඟ පිළිසඳරක් තුළින් "වැඩ සමඟ යළි ගමට" ජාතික වැඩසටහනේ බස්නාහිර පළාත් රුස්වීමට ඒක්වෙමින්.  ඒය අරලියගහ මන්දිරයේ දී අද පැවැත්විණ.  ග්‍රාමීය මෙන්ම නාගරිකව ද, යටිතල පහසුකම් සංවර්ධන කළ යුතුයි.  අධ්‍යාපනය, ජලය, මාර්ග ක්‍රීඩාපිටි හා සුළු වාරිමාර්ග ප්‍රතිසංස්කරණයට රජය විශාල මුදලක් වෙන්කර ඇතැයි, බැසිල් රාජපක්ෂ මහතා කියා සිටියේය.

    ජීවනෝපාය සංවර්ධනයට වෙන්කර ඇති මුදල රුපියල් බිලියන 10ක්.  මත් උවදුර මර්දනයට මෙවර අය-වැයෙන් විශාල මුදල් වෙන්කර ඇති අතර, භෞතික වශයෙන් රට තුළට මත්ද්‍රව්‍ය ඒ්ම වැළැක්වීමට විශේෂ වැඩපිලිවෙළක් සකස් කර ඇති බව ද සාකච්ජාවේදී හෙලි කෙරිණ. සංවර්ධනය සිදුවන අතරතුර බස්නාහිර පළාතේ ජල මූලාශ්‍ර රැක ගැනීමේ ඒ්කාබද්ධ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට ද අපේක්ෂිතයි.

    පාසල් දරුවන්ට ඔන්ලයින් මගින් අධ්‍යාපනය ලැබීමේදී, සංඥා දෝෂවලට මුහුණ පෑමට සිදුව ඇති බව, ජනතා නියෝජිතයින් මෙහිදි පෙන්වා දුන්නේය.

    කැබිනට් හා රාජ්‍ය අමාත්‍යවරු බස්නාහිර පළාත් ආණ්ඩුකාර රොෂාන් ගුණතිලක සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු බස්නාහිර පළාතේ දේශපාලන නියෝජිතයින් හා රාජ්‍ය නිලධාරින් රැසක් මේ අවස්ථාවට ඒක්වූහ.

    Latest News