කොවිඩ්-19; තවත් 415කට සුවයි (වීඩියෝ)

දෙසැ 21, 2020
  • කොවිඩ්- 19 රෝගයෙන් පූර්ණ සුවය ලැබූ පිරිස 28,682 දක්වා ඉහළ ගොස් ඇතැයි, වසංගත රෝග විද්‍යා අංශය පවසයි. 

    සුවය ලැබූ තවත් 415 ක් රෝහල්වලින් අද පිටව ගියේය. 

    පොළොන්නරුව දිස්ත්‍රික්කයේ කොවිඩ්-19 ප්‍රතිකාර මධ්‍යස්ථානවල සිටි තවත් 97ක් සුවය ලබා අද පිටව ගියේය.  ඔවුන් කොළඹ, ගම්පහ, කුරුණෑගල සහ අනුරාධපුර යන දිස්ත්‍රික්කවල පදිංචිකරුවන්.

    මෙරට ඊයේ PCR පරීක්ෂණ 17,233ක් සිදු කෙරිණ.  මෙතෙක් සිදුකර ඇති සමස්ත PCR පරීක්ෂණ  සංඛ්‍යාව ඒකොළොස් ලක්ෂ 31,560ක්. 

    මේ අතර, කොවිඩ්-19 තවත් පුද්ගල මරණ 5ක් මෙරටින් ඊයේ වාර්තාවිය.  ඒ්, පනාගොඩ, කොළඹ-8, කොළඹ 12, කොළඹ 2 සහ බණ්ඩාරගම යන ප්‍රදේශවලින්.  අවුරුදු 71, 52, 44 සහ 49 යන වයස්වල පසු වූ පස් දෙනෙකු මරණයට පත්ව තිබේ.

    ඉකුත් දිනවල තාවකාලිකව වසා දැමුණු වව්නියාව ප්‍ර දේශයේ පාසල් 5 අද සිය යළි විවෘත කෙරුණු බව, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ රාධා ක්‍රිෂ්නන් මහතා පවසයි.  වව්නියාව දෙමළ මධ්‍ය මහා විද්‍යාලය, රම්බකුලම් බාලිකා විද්‍යාලය, ගාමිණි මහා විද්‍යාලය, අල් අක්ෂා මුස්ලිම් විද්‍යාලය සහ සීටීඒම්ඒස් විද්‍යාලය ඊට අයත්.

    ත්‍රිකුණාමලය අධ්‍යාපන කොට්ඨාසයේ සියලු පාසල් අද සිට තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බව, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය ප්‍රකාශ කළාය.  ඒ් ත්‍රිකුණාමලය නගර සීමාවෙන් කොවිඩ්-19 රෝගීන් 15ක් වාර්තාවීම හේතුවෙන්.

    මහනුවර අකුරණ ප්‍රදේශයේ පදිංචි කොවිඩ්-19 රෝගය වැළඳුණු දෙදෙනෙකු ගලෙන් බිඳුනුවැව ප්‍රදේශයේ වෙළෙඳසැල් පවත්වාගෙන ගොස් ඇති අතර, ඒම නිසා ඔවුන් ගමන්ගත් තවත් වෙළෙඳ සැල් 59ක් ද, තාවකාලිකව වසා දැමිණ.  ඒම රෝගීන් දෙදෙනා PCR පරීක්ෂණ සිදුකර ප්‍රතිඵල ලැබීමට පෙර අදාළ වෙළෙඳ සැල් විවෘත කර ඇති බව වාර්තාවේ.  වෙළෙඳ සැල්වලට පැමිණි පාරිභෝගිකයන් ද ස්වයං නිරෝධායනයට යොමු කරනු ලැබ සිටී.

    මේ අතර, උතුරු පළාත් ආණ්ඩුකාර පී.ඒස්.ඒම්. චාල්ස් මහත්මිය සඳහන් කළේ, කොරෝනා වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් වවුනියාව, මන්නාරම සහ මුලතිව් යන ප්‍ර දේශවල ඒළවළු තොග වෙළෙඳපොළ තාවකාලිකව වසා තැබීමට පියවර ගෙන ඇති බවයි.

     

    ආගරපතන ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට කොවිඩ්-19 රෝගය වැළඳී ඇති බවට තහවුරු වී තිබේ.  ඔහු සම්බන්ධ ආශ්‍රිතයන් මේ වනවිට ස්වයං නිරෝධායනයේ පසුවේ.  සභාපතිවරයා PCR පරීක්ෂණයකින් අනතුරුව ප්‍රතිඵල ලැබෙන තුරු නොසිට සෞඛ්‍ය නීති උල්ලංඝනය කරමින් සාකච්ජා කිහිපයක් සඳහා සහභාගි වී ඇති බව වාර්තාවේ.

     

    කොළඹ දිස්ත්‍රික්කයේ හුදෙකලා කර ඇති ප්‍රදේශවල පදිංචිකරුවන් සඳහා “සුවෙන් සිටිමට සවියක්” නමින් ශරීර සුවතා වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මකයි.  ඔවුන් ශාරිරික යෝග්‍යතාව වැඩි දියුණු කිරීමෙන් බෝ නොවන රෝගවලින් ආරක්ෂා කිරීම ව්‍යායාම් සඳහා පෙළඹවීම සහ මානසික ආතතිය දුරුකිරීම ඒහි අරමුණයි.

     

    අත්‍යවශ්‍ය කරුණකට හැර නුවරඒළිය ප්‍රදේශයට සංචාරය සඳහා පැමිණිමෙන් හැකිතාක් වැළකී සිටින ලෙස, දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ඉමේෂ් ප්‍රතාපසිංහ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී.

     

    බණ්ඩාරගම, අටලුගම ප්‍රදේශයෙන් කොවිඩ්-19 තවත් රෝගීන් 195 දෙනෙකු ඊයේ හඳුනාගත් බව, බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය සඳහන් කළේය.  ඒ් අනුව, ඒම ප්‍ර දේශයෙන් මෙතෙක් වාර්තා වී ඇති රෝගීන්ගේ සංඛ්‍යාව 1,080 දක්වා ඉහළ ගොස් තිබේ.

     

    කළුතර හුදෙකලා‌ කර ඇති ග්‍රාමසේවා වසම්වල පුද්ගලයින්ගේ PCR පරීක්ෂණ  සිදු කිරීම අද ආරම්භ කෙරිණ.  PCR පරීක්ෂණ 300ක් සහ රැපිට් ඇන්ටිජන් පරීක්ෂණ ද සිදු කෙරුණු බව වාර්තාවේ.

     

    කොළොන්නාව තෙල් ගබඩා පර්යන්තය ආශ්‍රිතව කොවිඩ්-19 රෝගීන් 17 දෙනෙකු හඳුනාගෙන තිබේ.  ඒ් අනුව අද දින සේවකයින් 600කගේ පමණ PCR පරීක්ෂණ  සිදුකර තිබේ.

    Last modified on සදුදා, 21 දෙසැම්බර් 2020 20:37

    Latest News