සේනා දළඹු උවදුරින් පීඩාවට පත් ගොවීට කෘෂි රක්ෂණ මණ්ඩලය මගින් සහන

දෙසැ 21, 2020

    සේනා දළඹු උවදුරින් පීඩාවට පත් ගොවි ජනතාවට කෘෂි රක්ෂණ මණ්ඩලය මගින් සහන සැලසීමට ක්‍රියාකරන බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි. 

    දිස්ත්‍රික්ක රැසක ගොවීන් මේ වනවිට සේනා දළඹු උවදුර හේතුවෙන් පීඩාවට පත්ව සිටින බව වාර්තාවේ. ඉඩ ඉරිඟු ගොවීන් සේනා දළඹු ගැටලුවට මුහුණ දී සිටින්නේ, වසර කිහිපයක සිටයි.  මෙවර ද දිස්ත්‍රික්ක ගණනාක බඩඉරිඟු ගොවීන් මේ උවදුරින් දැඩි දුෂ්කරතාවට පත්ව සිටී.  

    ගෝමරන්කඩවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පමණක් අක්කර 180ක පමණ බඩඉරිඟු වගාවට සේවා දළඹුවාගෙන් හානි සිදුව තිබේ.  ගැටලුව පිළිබඳව සොයා බැලීමට කෘෂිකර්ම පර්යේෂණ නිලධාරින් ද අදාළ ස්ථාන වෙත නිරන්තරයෙන් පැමිණෙමින් සිටින බව අප වාර්තාකරු පවසයි.

    මේ වනවිට අනුරාධපුර දිස්ත්‍රික්කයේ බඩ ඉරිඟු වගාවට ද සේනා දළඹු ව්‍යාප්තිය සිදුව ඇති බව ගොවීන් පවසයි. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ ගොවීන් උවදුර පාලනයට විවිධ ක්‍රියාමාර්ග ගනිමින් සිටී. පීඩාවට පත් ගොවි ජනතාවගේ වගා බිම්, රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතාගේ නිරික්ෂණයට ලක්විය.

    Latest News