මෙවර නත්තලේ දී පූජකවරුන්ට දේශීයව නිපදවූ ඇඳුම් පැළඳුම් (වීඩියෝ)

දෙසැ 21, 2020
  • දේශීයව නිපදවිය හැකි සෑම දෙයක්ම රට තුළම නිෂ්පාදනය “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් ප්‍රධාන කරුණක්.

    කොවිඩ් වසංගත තත්වය හමුවේ ඒහි වැදගත්කම වඩාත් තහවුරු විය.  ඒ් අනුව, මේ වනවිටත් බොහෝ කෘෂි නිෂ්පාදන රට තුළම නිෂ්පාදනය ආරම්භ කර තිබේ.  කෘෂි නිෂ්පාදන පමණක් නොවෙයි, මේ වනවිට තවත් බොහෝ දේ ශ්‍රී ලංකාව තුළම නිපදවීම සියලු දෙනාගේ අගැයීමට ලක්වන කරුණක්.

    මේ ලොව පුරා කිතුණු බැතිමතුන් යේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ උපත සමරණ අසිරිමත් නත්තල් සමය.  අනෙක් රටවල් වගේම අපේ රටෙත් සහෝදර කිතුනු බැතිමත්නු වෙනදා තරමට නොවුණත් ආගමානුකූලව නත්තල සැමරීමට සූදානම් වේ.

    සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදවලට අනුව, නත්තල් දේව මෙහෙයන් පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.  ඒම දේව මෙහෙයන්වලදී පූජකවරුන් පළඳින ලෝගුව සහ මකූටය ගෙන්වන්නේ ඉතාලියෙන්.

    ඒහෙත් ඒය, මෙවර නිපදවා ඇත්තේ දේශීයවයි.  ඒ් සඳහා රාජ්‍ය අනුග්‍රහය ද හිමිවිය.  කිතුණු දේවස්ථානවල ගීතිකා කණ්ඩායම් සඳහා ඇඳුම් ද දේශීයව නිපදවා තිබේ.  ඒලෙස නිපදවන ලද ඇඳුම් ප්‍රධාන දෙව් මැදුරු 5ක් වෙත ඊයේ පිරිනැමිණ.

    ඒ් රාගම බැසිලිකා දේවස්ථානයේදී.  බතික්, අත්යන්ත්‍ර, රෙදි හා දේශීය ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ඒම ඇඳෞම් තොගය අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් හිමිපාණන් වෙත පිළිගැන්විණ.  නත්තල් දේව මෙහෙයන් පැවැත්වෙන ප්‍රධාන දෙව් මැදුරු 15ක් සඳහා පූජක ලෝගු සහ බතික් සැරසිලි ලබාදීමට නියමිතයි.

    Last modified on සදුදා, 21 දෙසැම්බර් 2020 20:09

    Latest News