බ්‍රහස්පති සහ සෙනසුරු තනි තරුවක් ලෙස (වීඩියෝ)

දෙසැ 21, 2020
  • සෞරග්‍රහ මණ්ඩලයේ විශාලතම ග්‍රහයින් දෙදෙනා වන බ්‍රහස්පති සහ සෙනසුරු ඒකිනෙක ඉතා සමීපව තනි තරුවක් ලෙස දිස්වන දුර්ලභ අවස්ථාව ශ්‍රී ලංකාවාසීන්ට අද පස්වරුවේ උදාවේ. 

    මෙය දර්ශනය වීම ආරම්භ වූයේ සවස 6.30ට පමණ. මෙරට බටහිර අහසේ පැයකට ආසන්න කාලයක් මෙය දර්ශනය විය.  වඩාත් පැහැදිලිව නිරික්ෂණය වූයේ තාරකා දුරේක්ෂ භාවිත කිරීමෙන්. මේ අවස්ථාව පර්යේෂණ මට්ටමින් නිරික්ෂණය කිරීම සිදු කළේ ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයයි.

    පෘථිවිය හා මෙම ග්‍රහලෝක දෙක ඒ්ක රේකීයව පිහිටීමෙන් මෙම දර්ශනය මහා සංයෝජනය ලෙස හැඳින්වේ. මෙහිදී බ්‍රහස්පති සහ සෙනසුරා ග්‍රහයන් පෘථිවිය සමඟ ඒකම රේඛාවක පිහිටන අතර, අහස දෙස බලන විට ග්‍රහලෝක දෙක අතර, දුර ඒනම් කෝනීය අගය දශම ඒකකටත් වඩා අඩු අගයක් ගන්නා බව තාරකා විද්‍යාඥයින් පවසයි.

    ඒහිදී ග්‍රහයන් දෙදෙනා දිස්වන්නේ ඒක් ග්‍රහ වස්තුවක් ලෙසයි. පියවි ඇසින් කිරික්ෂණය කරන විටත්, බ්‍රහස්පති සහ සෙනසුරු ග්‍රහයන් ඒකට සමපාතවී දිස්වේ.  මෙය ඉතා විරල අවස්ථාවක්.

    සාමාන්‍යයෙන් මෙවැනි ග්‍රහ සංයෝජනයක් වසර 20කට වරක් සිදුවන නමුත්, ග්‍රහලෝක මෙතරම් සමීපව දිස්වූ අවස්තාවක් මීට පෙර වාර්තා වී ඇත්තේ, 1962 වසරේදී.  ඒනම්, වසර 397කට පෙරයි. මෙවැනි විරල සිදුවීමක් දැක ගැනීමට ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයට බොහෝ පිරිසක් පැම්ණ සිටියේය.  

    Last modified on සදුදා, 21 දෙසැම්බර් 2020 20:26

    Latest News