ජන ඝනත්වය ඉහළ ප්‍රදේශ ඉලක්ක කර ඇන්ටිජන් පරීක්ෂණ

දෙසැ 21, 2020

    ඉදිරි දින දහය ඇතුළත කොළඹ දිස්ත්‍රික්කයේ ජන ඝනත්වය අධික ප්‍රදේශ ඉලක්ක කරගෙන ඇන්ටිජන් පරීක්ෂාව කිරීමට රජය උපදෙස් දී ඇත.

    වයිරසය ව්‍යාප්ත වන්නට පෙර රෝගය ඇති තැන් සොයාගෙන යාමේ ක්‍රමවේදයක් ලෙස මෙය ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය හා ආරක්ෂක අංශ වලට උපදෙස් දී තිබේ.

    විශේෂයෙන්ම කොළඹ දිස්ත්‍රික්කයේ ජන ඝනත්වය වැඩි මහල් නිවාස ඇතුළු රෝගීන් වැඩි වශයෙන් වාර්තා වන ප්‍රදේශවල සම්පූර්ණ ඇන්ටිජන් පරීක්ෂාවන් කිරීමට කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ක්‍රියාන්විත මධ්‍යස්ථානය උපදෙස් දී ඇත.

    කොළඹ දිස්ත්‍රික්කයෙන් පිටතට යන පුද්ගලයන් ඇන්ටිජන් පරීක්ෂාවකට ලක්කිරීමට රජය නිකුත් කර ඇති නියෝග මත එම පරීක්ෂාවන් පෙරේදා (19) සිට ආරම්භ කර තිබිණ.

    ඒ අනුව, බස්නාහිර පළාතෙන් පිටවන අයට ඇන්ටිජන් පරීක්ෂාවන් 750 කින් එක් පුද්ගලයකු කොවිඩ් ආසාදිතයකු ලෙස හඳුනාගත් බව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවැසීය.

     

    Latest News