මාඑළියෙන් ව්‍යාජ මුදල් නෝට්ටු සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

දෙසැ 21, 2020

    පොල්පිතිගම මාඑළිය ප්‍රදේශයේ දී ව්‍යාජ මුදල් නෝට්ටු සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන ඇත.

    ඊයේ (20) දිනයේ පොල්පිතිගම පොලිස් නිළධාරීන්ට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇත.

    වැටලීමේ දී ව්‍යාජ රුපියල් 5000 නෝට්ටුවක් සහ ව්‍යාජ රුපියල් 1000 නෝට්ටු 05ක් සැකකරු සන්තකයේ තිබී ඇත.

    මෙම සැකකරු අවුරුදු 31 ක් වයසැති මාඑළිය පදිංචිකරුවෙකි.

    සැකකරු අද (21 ) දින මහව ගරු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය සිද්ධිය සම්බන්ධයෙන් පොල්පිතිගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

    Latest News