බස්නාහිර පළාත සහ හුදෙකලා ප්‍රදේශ හැර සෙසු ප්‍රදේශවල ප්‍රාථමික ශ්‍රේණී ජනවාරි 11 (වීඩියෝ)

දෙසැ 21, 2020
  • බස්නාහිර පළාත සහ හුදෙකලා කර ඇති ප්‍රදේශ හැර සෙසු ප්‍රදේශවල පාසල්වල ප්‍රාථමික පන්ති අධ්‍යයන කටයුතු ජනවාරි 11 වනදා ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසනවා.

    පෙර පාසල් ද ජනවාරි 11 වනදා සිට ආරම්භ කරන බව අද පැවති මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

    කොරෝනා වයිරස ව්‍යාප්තිය හේතුවෙන් පාසල් ප්‍රාථමික ශ්‍රේණි සහ පෙරපාසල් ආරම්භ කිරීම කල්දැමීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කළා.

    Last modified on සදුදා, 21 දෙසැම්බර් 2020 19:49

    Latest News