ඊයේ(20) තවත් කොවිඩ් මරණ 5ක්

දෙසැ 21, 2020

    ඊයේ(20) රාත්‍රී තවත් කොවිඩ් මරණ 5ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා නිවේදනය කරයි.

    ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 176 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    එසේ මියගොස් ඇත්තේ පනාගොඩ පදිංචි 71 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, කොළඹ 8 පදිංචි 52 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, කොළඹ 12 පදිංචි 71 හැවිරිදි කාන්තාවක්, කොළඹ 2 පදිංචි 44 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ බණ්ඩාරගම පදිංචි 49 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් වේ.

    covid12-21.jpg

     

    Latest News