අද වැසි තත්වයේ වැඩිවීමක්

දෙසැ 21, 2020

    මධ්‍යම හා ඌව පළාත්වලත් පොළොන්නරුව, අම්පාර හා මඩකලපුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී 100 ඉක්මවු වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    උතුරු, නැගෙනහිර, උතුරු මැද, මධ්‍යම, ඌව සහ වයඹ පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි ඇති වේ.

    සෙසු ප්‍රදේශවල ප.ව 1න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.

    මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට පැ.කි.මී 50 පමණ වු තද සුළං ඇති වේ.

    Latest News