ඊයේ ආසාදිතයින් 594යි

දෙසැ 21, 2020

    ඊයේ (20) දින ශ්‍රී ලංකාවෙන්‌ කොවිඩ්‌ - 19 ආසාදිත පුද්ගලයින්‌ 594 දෙනෙකු හඳුනාගෙන ඇත.

    එම පුද්ගලයින්‌ අතරින්‌ පුද්ගලයින්‌ 02 දෙනෙකු විදේශ ගතව සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයින් වන අතර ඉතිරි පුද්ගලයින්‌ 592 දෙනා දේශියව හඳුනාගත්‌ ආසාදිතයින්‌ වේ.

    හඳුනාගත්‌ ආසාදිතයින්‌ අතරින්‌ වැඩිම ආසාදිතයින්‌ පිරිසක්‌ කොළඹ දිස්ත්‍රික්කයෙන්‌ වාර්ථා වන අතර, ඒ ආසාදිතයින්‌ 253 ක්‌ වශයෙනි. ඊට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයෙන්‌ ආසාදිතයින්‌ 124 ක්‌ ලෙස සහ මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයෙන් 62ක් වාර්තා වේ. අනෙක්‌ ආසාදිතයින්‌ 153 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලින්‌ වාර්තා වේ.

    ඊයේ (20) දින වනවිට, ශ්‍රී ලංකාව තුළ කොචිඩ්‌-19 වෛරසය ආසාදනය වු සම්පුර්ණ පුද්ගලයින්‌ සංඛ්‍යාව 37,260 ක්‌ වන අතර ඉන්‌ පුද්ගලයින්‌ 28,266 ක්‌ පූර්ණ සුවය ලබා රෝහල්වලින්‌ බැහැරව ගොස්‌ ඇත. ඊයේ (14) දින වනවිට රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධාස්ථාන තුළ පුද්ගලයින්‌ 8,818 දෙනෙකු තවදුරටත්‌ ප්‍රතිකාර ලබයි.

    Latest News