ඉඩම් හා මුල්‍යමය ආරවුල් විසඳීමට දිස්ත්‍රික් මට්ටමින් නව සමථ මණ්ඩල

දෙසැ 19, 2020

    ඉඩම් හා මුල්‍යමය ආරවුල් විසඳීම සඳහා දිස්ත්‍රික් මට්ටමින් නව සමථ මණ්ඩල පිහිටුවීමට පියවර ගැනේ.

    කොවිඩ් - 19 වෛරස තත්වය හේතුවෙන් තාවකාලිකව අත් හිටුවා තිබූ සමථ මණ්ඩල කටයුතු ජනවාරි 09 වනදා සිට යළි ආරම්භ කිරීමට ද අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රි මහතා ගේ සහ සමථ මණ්ඩල කොමිෂන් සභාවේ සාමාජිකයින් අතර අධිකරණ අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවේදී තීරණය විය.

    විශේෂයෙන් ඉඩම් හා මුල්‍යමය ආරවුල් පිළිබඳව පැමිණිලි විශාල වශයෙන් සමථ මණ්ඩල වලට යොමුවීම හේතුවෙන් ඉඩම් හා මුල්‍යමය නඩු පමණක් විසඳීම සඳහා මෙම විශේෂ සමථ මණ්ඩල පිහිටුවීමට පියවර ගෙන ඇත.

    Latest News