ජපුරෙන් බිහිවූ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරුන් දෙපළකට උපහාර

දෙසැ 16, 2020

    විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උප කුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුදන්ත ලියනගේ යන මහත්වරුන්ට උපහාර පිදීමේ උළෙලක් ඊයේ පැවැත්විණ.

    ඒ්, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයීය සනාතන මන්දිරයේදී. මෙය සංවිධාන කරන ලද්දේ, විශ්වවිද්‍යාලයීය ආදි විද්‍යාර්ථීන්ගේ සංගමය විසින්. "ආශිංසන" යනුවෙන් උළෙල නම්කර තිබිණ. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආදි සිසුවෙක්, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ධූරයට පත්වූ පළමු වැන්නා ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා මෙහිදී උපහාර ලැබීය.

    ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයෙන් බිහිවූ පළමු උප කුලපති ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුදන්ත ලියනගේ මහතා සම්මානයට පාත්‍ර විය. උළෙලේ මුලසුන දරන ලද්දේ, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර හිමියන් විසින්.

    අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන, සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්න, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය ආදි විද්‍යාර්ථීය සංගමයේ සභාපති ඩබ්.කේ.ඒච්. වෑගපිටිය මහතා ඇතුළු සංගමයේ සාමාජිකයින් ද මේ අවස්ථාවට ඒක්වූහ.

    Latest News