දින 55කට පසු ඇරඹි පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළ (වීඩියෝ)

දෙසැ 16, 2020
  • කොවිඩ් වසංගතය නිසා වසා දමන ලද පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ වෙළෙඳාම් දින 55කට පසු අද(16) ආරම්භ කෙරිණ.

    ඒ් අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාගේ ප්‍රධානත්වයෙන්. මත්ස්‍ය වෙළෙඳපොළ විවෘත කෙරුණේ, ව්‍යාපාරිකයන් 50%කගේ පමණ සහභාගිත්වයෙන්. අද අලුයම 2.00ට වෙළෙඳාම් ආරම්භ වීමත් සමඟ මාළු තොග විකිණීමට සහ මිලදී ගැනීමට ගණුදෙනුකරුවන් පැමිණ සිටියහ..

    මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය තුළ ස්ථාපිත අලෙවි සැල් 150න් සෞඛ්‍ය උපදෙස්වලට අනුගතව පළමු අදියර යටතේ විවෘත කෙරුණේ අලෙවි සැල් 78ක් පමණි. දෙවැනි අදියර යටතේ සෙසු සියලු වෙළෙඳසැල් විවෘත කිරීමට පියවර ගන්නා බව, අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පැවසීය.

    අලුත්වැඩියා හේතුවෙන් මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ වෙළෙඳාම් මේ වනවිට සිදු කෙරෙන්නේ, ඒහි රථගාල තුළයි. අලුත්වැඩියා නිමවූ පසු සිල්ලර වෙළෙඳාම් ආරම්භ කිරිමට නියමිතයි.

    Last modified on බදාදා, 16 දෙසැම්බර් 2020 19:24

    Latest News