වාහන අංක තහඩුවල පළාත් අකුරු ඉවත් කෙරේ

දෙසැ 15, 2020

    වාහන අංක තහඩු නිකුත් කිරීමේදී පළාත් අක්ෂර ඉවත් කිරීම සඳහා කැබිනට මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ.

    නව ක්‍රමවේදය අනුව පළාත් අතර වාහන හිමිකම් පැවරීමේදී සෑම අවස්ථාවකදීම අංක තහඩු වෙනස් කිරීමට සිදු නොවේ.

    වාහනයේ හිමිකරු වෙනස් වන සෑම අවස්ථාවකදීම අංක තහඩු වෙනස් කළ යුතු බැවින් පාරිභෝගිකයින්ට මෙන්ම මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට ද මෙම තත්ත්වය නිසා බොහෝ දුෂ්කරතාවන්ට මුහුණ දීමට සිදුවිය.

    ලියාපදිංචි කරන ලද සෑම වාහනයකටම වෙනමම අංකයක් නිකුත් කර ඇති බැවින්, එක් එක් වාහනයේ අනන්‍යතාවය දෙපාර්තමේන්තු දත්ත පදනම හරහා හඳුනාගැනීමට බාධාවක් නොමැති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි.

    එම කරුණු සැලකිල්ලට ගනිමින්, වාහන අංක තහඩු නිකුත් කිරීමේදී පළාත් හඳුනාගැනීමේ පහසුව ස‍ඳහා ඇතුළත් කරන ලද අකුරු ඉවත් කිරීමට ප්‍රවාහන අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී තිබේ.

    Latest News