බහුකාර්ය ගැඹුරු මුහුදු නිරීක්ෂණ නෞකා සේවා සංකීර්ණය විවෘත කෙරේ

දෙසැ 13, 2020
    ත්‍රිකුණාමලය නාවික තටාකාංගනයේ අභිනවයෙන් ඉදිකරන ලද බහුකාර්ය ගැඹුරු මුහුදු නිරීක්ෂණ නෞකා සේවා සංකීර්ණය (AOPV Stores and Workshop Complex) නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(12) ත්‍රිකුණාමලය නාවික තටාකාංගන පරිශ්‍රයේදී  විවෘත කෙරිණි.
    නාවික හමුදාධිපතිතුමාගේ උපදෙස් හා මඟපෙන්වීම යටතේ කඩිනමින් ඉදිකිරීම් නිමකල මෙම සේවා සංකීර්ණය, බහුකාර්ය ගැඹුරු මුහුදු නිරීක්ෂණ නෞකා සඳහා අවශ්‍ය අමතර කොටස් ගබඩා ඒකකයන්ගෙන්, ඉංජිනේරු හා විදුලි අළුත්වැඩියා සහ නඩත්තු ඒකකයන්ගෙන් සමන්විත වන අතර, එකම ස්ථානයකින් සියලුම සේවාවන් සිදු කර ගැනීමට හැකිවී‌මෙන් එම නෞකා වඩාත් කාර්යක්ෂමව හා ඵලදායි ලෙස මුහුදු ආවේක්ෂන රාජකාරී සඳහා යෙදවීමට හැකියාව ලැබෙනු ඇි.  
    තවද, මෙම අභිනව ගොඩනැගිල්ලෙහි ඉදිකිරීම් කඩිනමින් නිමකිරීමට දායක වූ නාවික පුද්ගලයන් ඇමතූ නාවික හමුදාධිපතිතුමන්, ඔවුන් වෙත  සිය ප්‍රශංසාව පල කර සිටීමට ද කටයුතු කරන ලදී.     
    මෙම විවෘත්ත කිරීමේ අවස්ථාව සඳහා නැගෙනහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් රුවන් පෙරේරා, අධ්‍යක්ෂ ‌ඡෙනරාල් ඉංජිනේරු, රියර් අද්මිරාල් රවි රණසිංහ, ධජ නිළධාරි නාවික දියත් විධානය, රියර් අද්මිරාල් වයිඑම්ජීබී ඡයතිලක, කොමදෝරු අධිකාරී සැපයුම් හා සේවා නැගෙනහිර, කොමදෝරු අධිකාරී තටාකාංගනය, නැගෙනහිර නාවික විධානයේ නියෝජ්‍ය අඥාපති ඇතුළු නාවික හමුදා මූලස්ථානයට සහ නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නිලධාරීන් හා නාවිකයින් පිරිසක් සහභාගිවී සිටියහ.

    Latest News