රක්වාන උක්වත්තට තාවකාලික සංචරණ සීමා

දෙසැ 13, 2020

    රක්වාන උක්වත්ත ප්‍රදේශයට තාවකාලිකව සංචරණ සීමාවන් පනවා ඇතැයි, ගොඩකවෙල ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රියන්ත බංඩාර මහතා පැවසීය.

    ඊයේ රාත්‍රි 10.00 සිට රක්වාන උක්වත්ත ඩෙල්ව්න් වත්තේ කොටසකට සංචරණ සීමාවන් පනවා ඇති බව ඒ මහතා කීය.

    රත්නපුර මල්වල ප්‍රදේශයේ මනාලයෙකු රක්වාන ප්‍රදේශයෙන් විවාහ වී ඇති අතර, ඔහුගේ විවාහ ගිවිස ගැනීමේ උත්සවය රක්වානේදි පවත්වා තිබේ.

    එම උත්සවයෙන් පසු මනාලයාට කෝ ආසාදිත බව වාර්තා විය.

    ඒ නිසා නිවාස 10ක පිරිසක් ස්වයං නිරෝධායනයට යොමු කර තිිණි.

    එම උත්සවයට පාසල් ගුරුවරුන් සහ සිසුන් කිහිපදෙනෙකු ද සහභාගී වීම නිසා ඔවුන් ද සමග ප්‍රදේශයේ 45 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු කර ඇතැයි, ගොඩකවෙල සෞඛ්‍ය වෙද්‍ය නිලධාරිණි ඉන්දිකා ගුණදාස මහත්මිය පැවසුවාය.

    Latest News