පාඨලී චම්පික ජාතික හෙළ උරුමයෙන් ඉවත් වෙයි

දෙසැ 13, 2020

    ජාතික හෙළ උරුමයේ මහලේකම් ලෙස කටයුතු කළ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ඊයේ (12) සිය ධුරයෙන් මෙන්ම ජාතික හෙළ උරුමයේ පක්ෂ සාමාජිකත්වයෙන් ද ඉවත් විය.

    පාඨලී චම්පික රණවක මහතා සමඟ ජාතික හෙළ උරුමයේ සාමාජිකයන් ලෙස ක්‍රියාකාරී දේශපාලනයේ නිරත වූ දේශපාලන නියෝජිතයින් කිහිප දෙනෙකු ද ජාතික හෙළ උරුමයෙන් ඉවත්ව ඇත.

    ජාතික හෙළ උරුමයේ විශේෂ ජාතික නියෝජිත සමුළුව ශ්‍රී ලංකා පදනම් ආයතයේ දී ඊයේ (12) පැවති අතර, තමන් පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් වන බව මන්ත්‍රීවරයා එහිදී පැවසීය.

    දේශපාලන ක්ෂේත්‍රය ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් තුළ මතුව ඇති තත්ත්වය අනුව නව සමාජ බලවේගයක අවශ්‍යතාවයක් මතුව ඇති බව් එම නව සමාජ බලවේගය ගොඩණැගීම වෙනුවෙන් ජාතික හෙළ උරුමයෙන් ඉවත් වන බවත් එහිදී අදහස් දැක්වූ රණවක මහතා කීවේය.

     

    Latest News