මහනුවර පාසල් 42 ක් හෙට (14) ඇරඹේ

දෙසැ 13, 2020

    මහනුවර නගර සීමා බල ප්‍රදේශයේ වසා දමා තිබුණු පාසැල් 45 න් 42 ක් එළඹෙන සඳුදා (14) විවෘත කිරීමට කිරීමට තීරණය කළ බවත් ත්‍රිත්ව, තක්ෂිලා හා කලෙයිමගල් යන විද්‍යාල තවදුරටත් වසා තැබෙන බවත් මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ ගමගේ මහතා පැවසීය.

    මධ්‍යම පළාත් කොරෝනා කමිටු සමාජිකයින් සමඟ සාකච්ඡා කිරීමෙන් පසු අද (11) සියලු දෙනාගේ එකඟතාව මත පාසැල් විවෘත කිරීමට තීරණය කළ බව ද ආණ්ඩුකාරවරයා පැවසීය.

    පාසැල් දරුවන් අවදානමකට ලක්වන්නේ පාසැලට එන යන අතරමඟදී බැවින් ඒ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුකරන ලෙස තමන් දෙමව්පියන්ගෙන් ඉල්ලා සිටින බවත් පාසැල හා නිවස දරුවන්ට ආරක්ෂිත බවද ආණ්ඩුකාරවරයා පැවැසීය.

    පාසැල්වල සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද උපරිමයෙන් ආරක්ෂා කරන ලෙස දැනුම් දී තිබෙන අතර, ඒ සම්බන්ධව කළාප අධ්‍යාපන අධ්‍යක්ෂවරු මගින් විදුහල්පතිවරු දැනුම්වත් කිරීමට පියවර ගෙන තිබෙන බවත් ගමගේ මහතා ප්‍රකශ කළේය.

    අධ්‍යාපනය කටයුතු නිසි ලෙස සිදුකර ඔවුන් ඊළඟ පන්තිය දක්වා උසස් කළ යුතු බවත් කී ආණ්ඩුකාරවරයා පාසැල් දිගින් දිගටම වසා තැබිය නොහැකි බවත් කොවිඩ් වසංගතය රටින් තුරන් කිරීමට තවත් කාලයක් ගතවන බැවින් නිසි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් තමන් ආරක්ෂාවීමටත් තමන්ගෙන් වෙනත් අයට වෛරසය ව්‍යාප්තවීම වළක්වා ගැනීමටත් සැවොම උනන්දු වන ලෙසත් පැවසීය.

    Latest News