මැතිවරණ කොමිෂන් සභාවේ නව සාමාජිකයන් හෙට (10) රාජකාරී අරඹයි

දෙසැ 09, 2020

    මැතිවරණ කොමිෂන් සභාව සඳහා පත්කරන ලද නව සාමාජිකයින් හෙට (10) සිය රාජකාරි ආරම්භ කිරීමට නියමිතයි.

    මැතිවරණ කොමිසමේ සභාපති වන්නේ, නිමල් ජී පුංචිහේවා මහතායි. ඒම්.ඒම්. මොහොමඩ්, ඒස්.බී.දිවාරත්න, කේ.පී.පී. පතිරණ සහ ජීවන් ත්‍යාගරාජා ඒහි සෙසු සාමාජිකයින් වේ.

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව මෙම සාමාජිකයින් පත් කරනු ලැබුවේ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින්. ඔවුන් හෙට රාජකාරි ආරම්භ කරන බව, මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

    Latest News