පාසල් වසා දැමීම කොරෝනා පාලනය සඳහා සාර්ථක පියවරක් නොවේ; යුනිසෙෆ් සංවිධානය

දෙසැ 09, 2020

    ජාතික මට්ටමින් පාසල් පද්ධති වසා දැමීම කොවිඩ්-19 රෝගය පිටුදැකීමේ සාර්ථක පියවරක් නොවන බව යුනිසෙෆ් සංවිධානය අවධාරණය කරයි.

    පාසල් වැසීම නිසා ලොව පුරා මිලියන 320ක් දරුවන්ගේ අධ්‍යාපනය අඩාලවී ඇති බව යුනිසෙෆ් සංවිධානය පවසයි. ඒක්සත් ජාතීන්ගේ ළමා අරමුදල හෙවත්, යුනිසෙෆ් සංවිධානය බිඳවැටී ඇති ලෝක අධ්‍යාපන රටාව ගැන ඊයේ නිවේදනයක් නිකුත් කළේය. ඒහි අධ්‍යාපන අංශ ප්‍රධානී රොබට් ජෙන්කින්ස් පවසන්නේ, පාසල් විවෘත කර තැබීම ඒ්වා වසා තැබීමට වඩා සාධනීය ප්‍රතිඵල ගෙන දෙන බවයි.

    පාසල් පද්ධති කොරෝනා ආසාදන පතුරුවන බවට තිරසාර සාධක මේ දක්වා ලැබී නැති බව යුනිසෙෆ් අධ්‍යාපන ප්‍රධානියා ප්‍රකාශ කරයි. ඒ් නිසා, නිසි සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේද යටතේ පාසල් යළි ක්‍රියාත්මක කළ යුතු බව ඔහු පෙන්වා දෙයි.

    Latest News