ජගත් බාලපටබැඳි මහතා වැඩ බාරගනී (වීඩියෝ)

දෙසැ 09, 2020
  • රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නව සභාපති ලෙස පත් කෙරුණු විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජගත් බාලපටබැඳි මහතා අද සිය ධූරයේ වැඩ බාරගත්තේය.

    ඒ්, බත්තරමුල්ල පිහිටි රාජ්‍ය සේවා කොමිෂන් සභා පරිශ්‍රයේදී. ජගත් බාලපටබැඳි මහතා, මහේස්ත්‍රාත්වරයෙකු, දිසා විනිසුරුවරයෙකු, මහාධිකරණ විනිසුරුවරයෙකු මෙන්ම අභියාචනාධිකරණ සභාපති ධූරයේ ද කටයුතු කර තිබේ. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු ලෙස වසර 5ක් සේවය කර ඇති ඔහු, විශ්‍රාම යාමෙන් අනතුරුව, ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවක සභාපතිවරයා ලෙස ද රාජකාරියේ නිරත විය.

    රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සභාපති ධූරය බාරගන්නා අවස්ථාව වනවිට ඔහු ක්‍රියා කරමින් සිටියේ, බදු අභියාචනා කොමිෂන් සභාවේ සාමාජිකයෙකු ලෙසයි. සියලු රාජ්‍ය සේවකයන්ගේ පත්වීම්, ස්ථානමාරු, උසස්වීම් ඇතුළු සියලු සේවා සාධාරණව ඉටුකරන බව නව තනතුරේ වැඩ බාරගනිමින් ජගත් බාලපටබැඳි මහතා ප්‍රකාශ කළේය.

    Last modified on බදාදා, 09 දෙසැම්බර් 2020 20:32

    Latest News