ඊයේ ඇල්ලූ හෙරෝයින් හා අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන සැකකරු ගැන අනාවරණයක්

දෙසැ 07, 2020

    මාරවිල තොඩුවාව ප්‍රදේශයෙන් ඊයේ (06) සොයාගත් හෙරෝයින් හා අයිස් මත්ද්‍රව්‍ය තොගය මෙරටට ගෙන්වීමේ ජාලය මෙහෙයවා ඇත්තේ ඩුබායි හි රැඳී සිටින පුද්ගලයෙකු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

    සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමඟ අද (07) එම දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලයේදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ජාත්‍යන්තර පොලීසියේ සහයෙන් එම පුද්ගලයා මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරන බවය.

    සුරාබදු නිලධාරීන් ඊයේ (06) මාරවිල තොඩුවාව ප්‍රදේශයේ සිදුකළ මෙහෙයුමකදී හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 200ක් සොයා ගනු ලැබීය.

    ඒ, නාවික හමුදාවේ සහ සුරාබදු දෙපාර්තමේන්තුවේ අලුතින් පිහිටුවා ඇති බුද්ධි ඒකකයේ නිලධාරීන්ගේද සහය ඇතිවි.

    මෙය සුරාබදු දෙපාර්තමේන්තුව, ඉතිහාසයේ සිදුකළ විශාලතම මත්ද්‍රව්‍ය මෙහෙයුම වන අතර එහිදී අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් මිලියන 2100කි.

    Latest News