මාදිවෙල දී යතුරුපැදි තරගයකට සැරසුණු තරුණයින් අත්අඩංගුවට

දෙසැ 07, 2020

    මාදිවෙල නව රෝහල මාර්ගයේ අන්තරාදායක ලෙස යතුරු පැදි තරගයක් පැවැත්වීමට සූදානම් වූ තරුණයින් පිරිසක් ඊයේ සවස අත්අඩංගුවට ගැනිණ.

    ඒ මිරිහාන මූලස්ථාන පොලීසිය මගින්. අධික වේගයෙන් යතුරුපැදි ධාවනය කරන්නන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට අමතරව ඔවුන් මානසික වෛද්‍යවරුන් හමුවට ඉදිරිපත් කිරීමට ද ක්‍රියාකරන බවයි,පොලීසිය පවසන්නේ.

    තරුණයන් 40 දෙනෙක් සමග යතුරු පැදි 23ක් මෙහිදී පොලිස් භාරයට ගැනිණ. එන්ජින් ධාරිතාව වැඩි සහ අංක තහඩු වෙනස් කර ඇති මෙම යතුරු පැදි සඳහා නඩු පැවරීමට ක්‍රියා කරන බවයි, මිරිහාන මූලස්ථාන පොලිස් පරීක්ෂණ මංජුල තුෂාර මහතා පවසන්නේ.

    පසුගියදා මොරටුව ප්‍රදේශයේ සිදුවු මාරක රිය අනතුරින් පසුව අනතුරුදායක අයුරින් යතුරුපැදි ධාවනය කරන්නන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ පොලිස් මෙහෙයුම් දැන් ක්‍රියාත්මකයි.

    Latest News