ඇන්ජලා සෙනෙවිරත්නට හදිසි ශල්‍යකර්මයක්

දෙසැ 07, 2020

    වකුගඩු රෝගයෙන් පීඩා විඳින ඇන්ජලා සෙනෙවිරත්න ප්‍රවීණ කලා කාරිණියගේ ශල්‍යකර්මය සඳහා ලක්ෂ 15 ක පමණ මුදලක් අවශ්‍ය වන බව ඇය විසින් සඳහන් කර තිබුණා.

    එම මුදල් ප්‍රමාණය සඳහා දායක වීමට ඉතාලියේ පදිංචි ශ්‍රී ලාංකිකයන්ගේ සැදුම්ලත් සංවිධානයක් වන global sri lanka youth force නම් සංවිධානයේ සාමාජිකයින් විසින් මූල්‍ය පරිත්‍යාගයක් සිදුකර තිබිණ.

    එම මුදල් මොරටුව ලක්ෂපතිය මහාවිහාර පාරේ පිහිටි ඇයගේ නිවසට ගොස් ලබාදීමට එම සංගමයේ නියෝජිතයන් පසුගියදා කටයුතු කරා.

    එහිදී ඇන්ජලා සෙනවිරත්න මහත්මිය ප්‍රකාශ කර සිටියේ කොරෝනා උවදුර නිම වීමත් සමඟම හැකි ඉක්මනින් තම ශල්‍යකර්මය කරගැනීමට කටයුතු කරන බවයි.

    ඒ සඳහා සහයෝගය දක්වන ලද සියලු දෙනාට ඇයගේ කෘතඥතාවය ප්‍රකාශ කර සිටියා.

    Latest News