කොරෝනා නිසා වේයන්ගොඩ ආර්ථිකයත් වැසේ

දෙසැ 06, 2020

    කොවිඩ් - 19 ආසාදිතයින් හමුවීම සැලකිල්ලට ගනිමින් වේයන්ගොඩ ආර්ථික වෙළඳ මධ්‍යස්ථානය වසා දැමීමට පියවර ගෙන ඇත.

    වේයන්ගොඩ ආර්ථික වෙළඳ මධ්‍යස්ථානයේ වෙළඳ සහායකයින් කිහිප දෙනෙකු සහ පිටස්තරින් පැමිණ ඇති 9 දෙනෙකුට වෛරසය ආසාධනය වී ඇති බව පී.සී.ආර් පරීක්ෂණ වලදී තහවුරුවී ඇත.

    මේ හේතුවෙන් මෙහි වෙළඳුන්, නාට්ටාමිවරුන් සහ එළවළු රැගෙන එන්නන් 363 දෙනෙකු පී.සී.ආර් පරීක්ෂණ සදහා භාජනය කොට ඇති බව ආර්ථික මධ්‍යස්ථානය බාර සභාපති  ගම්පහ දිසාපති සුනිල් ජයලත් මහතා පවසයි.

    Latest News