ග්‍රාමීය මාර්ග කිලෝමීටර් ලක්ෂයක් සංවර්ධනය දිවයින පුරා

දෙසැ 06, 2020

    සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව ග්‍රාමීය මාර්ග කිලෝමීටර් ලක්ෂයක් සංවර්ධනය කිරීමේ වැඩසටහන මේ වනවිට දිවයින පුරා සාර්ථකව සිදු කෙරෙමින් පවතිනවා.

    ඇහැළියගොඩ සහ රත්නපුර ආසනවල මාර්ග දහතුනක් කාපට් සහ කොන්ක්‍රීට් යොදා සංවර්ධනය කිරීමේ කටයුතු පසුගියදා ආරම්භ කෙරුණා.

    ඒ අමාත්‍ය පවිත්‍රා වන්නි ආරච්චි මහත්මියගේ මග පෙන්වීම යටතේ සබරගමුව පළාත් සභාවේ සභාපති කංචන ජයරත්න මහතාගේ සහභාගිත්වයෙනුයි.

    මේ සදහා ඇස්තමේන්තු කර ඇති මුදල රුපියල් ලක්ෂ දෙදහස් හත්සීයක්.

    හේවායින්න, ඉද්දමල්ගොඩ, මෝරගල, අස්ගගුල, මාහර, වලදුර, පාතගම, කිතුල්පේ, ඉහලතෙප්පනාව,වතුයාය, එක්නැලිගොඩ, සූදාගල, උතුරුගිලි මලේ යන ග්‍රාම නිළධාරී වසම්වල තෝරාගත් මාර්ගයි මෙලෙස සංවර්ධනය කෙරෙන්නේ.

    පාලින්ද නුවර දික්හේන මාර්ගයේ පුවක් දොළ මංසන්ධියේ සිට මැල්ලගහවිල දක්වා මාර්ගය ද සංවර්ධනය කෙරෙනවා.

    මීටර් 600 කින් යුත් මෙම මාර්ගය සංවර්ධනය කිරීමේ කටයුතු ආරම්භ කෙරුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතාගේ මූලිකත්වයෙන්.

    මේ සඳහා වැය කෙරෙන මුදල රුපියල් මිලියන එකොලහයි දශම තුනයි දෙකක්.

    මඩකලපුව කලවංචිකුඩි පලුකාමම් ප්‍රදේශයේ ප්‍රධාන මාර්ග රැසක් කාපට් යොදා සංවර්ධනය කෙරෙනවා.

    දිස්ත්‍රික්කයේ මාර්ග සංවර්ධන කටයුතු සදහා රුපියල් කෝටි අටසිය අනූ තුනක් වැය කිරීමට නියමිතයි.

    මේ යටතේ ග්‍රාමීය මාර්ග එකසිය විසි හතක් සංවර්ධනය කෙරෙන බවයි, රාජ්‍ය අමාත්‍ය එස් වියාලේන්ද්‍රන් මහතා පවසන්නේ.

    හිගුරක්ගොඩ උණගලා වෙහෙර බටහිර මාර්ගය සංවර්ධනයට වැය කෙරෙන මුදල රුපියල් මිලියන 22.2 ක්.

    පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මහතාගේ ප්‍රධානත්වයෙන් එහි ඉදි කිරීම් ආරම්භ කෙරුණා.

    උණගලා වෙහෙර හා අවට ගම්මාන රැසක ජනතාවට මින් සෙත සැළසෙනවා.

    Latest News