ගුවන්තොටුපොළේ පිටවීමේ පර්යන්තයේ මහජන ආලින්දය යළි විවෘතයි

දෙසැ 06, 2020

    ඒ අනුව එක් ගුවන් මගියෙකුට මහජන ආලින්දය වෙත එක් අමුත්තෙකු පමණක් රැගෙන පැමිණිය හැකිය.

    සෞඛ්‍ය අංශ විසින් ලබාදී ඇති මාර්ගෝපදේශ යටතේ එම ක්‍රියාවලිය සිදුවේ.

    මේ අතර කොවිඩ් -19 වසංගත තත්ත්වය හේතුවෙන් අනිවාර්ය නිරෝධායන ක්‍රියාවලියට යොමුවීම හේතුවෙන් ගුවන්තොටුපොළ බදු රහිත සාප්පු සංකීර්ණයේ වෙළෙඳසැල්වලින් භාණ්ඩ මිලදී ගැනීමට නොහැකි වූ ගුවන් මගීන්ට ඒ සඳහා අවස්ථාව හිමිවී තිබේ.

    ඒ අනුව තම නිරෝධායන ක්‍රියාවලිය අවසන් වූ දින සිට මාසයක කාලයක් තුළ ගුවන්තොටුපොළ වෙත පැමිණ එහි පිහිටි බදු රහිත සාප්පු සංකීර්ණයේ වෙළෙඳසැල්වලින් භාණ්ඩ මිලදී ගැනීමට හැකියාව සලසා ඇති බව සඳහන් වේ.

    Latest News