කොළඹ නගර සභා සීමාව තුළ ඉදිරියේදී කොරෝනා අඩුවීමක්

නොවැ 30, 2020

    කොළඹ නගර සභා සීමාව තුළ කොරෝනා වයිරස් ව්‍යාප්තියේ අඩු වීමක් ඉදිරියේදී අපේක්ෂා කරන බව වසංගත‌ රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානි විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.

    පසුගිය පැය 24 තුල මෙරටින් කොවිඩ්-19 වෛරසය ආසාදනය වී පුද්ගලයින් 7ක් මියගොස් තිබේ. එම පුද්ගලයින් අකුරැස්ස,ගොතටුව,මරදාන,කොළඹ02,හලාවත,කොළඹ 13 සහ මොරටුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් ‍වෙයි. අද උදෑසන වන විට ශ්‍රී ලංකාව තුළින් කොවිඩ්-19 සම්පූර්ණ මරණ සංඛ්‍යාව 116ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    Latest News