තවත් කොරෝනා ආසාධිතයින් 274ක්

නොවැ 29, 2020

    පෑලියගොඩ කොරෝනා පොකුරේ අද (28) ආශ්‍රිතයින්ගෙන් 274කට කෝවිඩ් ආසාදනයවී ඇත.

    ඒ අනුව දිවුලපිටිය සහ පෑලියගොඩ කොරෝනා පොකුරෙන් මේ වනවිට වාර්තා වන මුළු කොරෝනා ආසාධිතයින් ගණන 19237කි.

    කොළඹ 02 ප්‍රදේශයේ පදිංචිව සිටි 76 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු කොවිඩ් - 19 ආසාදනය සමග අධි රුධිර පීඩන තත්ත්වය උත්සන්න වීමෙන් මියගොස් ඇති අතර ඔහු නිධන්ගත වකුගඩු රෝගියෙකු බවත්, නොවැම්බර් 26 වන දින කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන විට මියගොස් සිට ඇති බවත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

    එමෙන්ම කොළඹ 08 ප්‍රදේශයේ පදිංචිව සිටි 96 හැවිරිදි කාන්තාවක් කොවිඩ් නයින්ටීන් ආසාදනය වීමෙන් මියගොස් ඇති අතර, ඇය නොවැම්බර් මස 27 වන දින නිවසේ දී මියගොස් ඇත.

    මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ ඇදුම රෝගය සමග ඇති වූ කොව්ඩ් - 19 නියුමෝර්නියා තත්ත්වයයි. වෛරසය ආසාදනය වීම නිසා මියගිය සමස්ත 109 දෙනාගෙ‍න් තිදෙනෙකු වයස අවුරුදු 10 ත් 30 ත් අතර වයස්වල පසුවන අතර සිව්දෙනෙකු 31 ත් 40 ත් අතර වයස්වල පසුවිය.

    වයස අවුරුදු 41 ත් 50 ත් අතර වයස් සීමාවේ පසුවන 16 දෙනෙකුද , වයස 51 ත් 60 ත් අතර 21 දෙනෙකු ද , වයස 61 ත් 70 ත් අතර යන වයස්වල පසුවන 20 දෙනකුද මිය ගිය අය අතර වේ.

    සමස්ත කොවිඩ් මරණ අතරින් වැඩිම සංඛ්‍යාවක් මියගොස් ඇත්තේ අවුරුදු 71 ට වඩා වැඩි වයස් කාණ්ඩයෙන් වන අතර එම සංඛ්‍යාව 45 කි.

    සමස්ත මරණ 109 න් 81 දෙනෙකුම වාර්තාවන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර දෙවැනියට වැඩිම මරණ සංඛ්‍යාව වර්තාවන්නේ ගම්පහ දිස්ත්‍රික්කයෙනි.

    එම සංඛ්‍යාව 13 කි.

    කළුතරින් 06ක්, කුරුණෑගලින් 04ක්, පුත්තලමෙන් 03ක්, නුවරඑළියෙන් එක් මරණයක් සහ හඳුනානොගත් එක් මරණයකුත් මෙරටින් වාර්තා වූ කොවිඩ් මරණ අතරට අයත්ය.

    කොවිඩ් මරණ 109 න් 44 ක් නිවෙස්වලදී හෝ රෝහල් වෙත ඇතුළත් කිරීමේදී සිදු වූ මරණ වන අතර 64 දෙනකු මිය ගොස් ඇත්තේ රෝහල් වලදීයි.

    අනෙක් කොවිඩ් මරණය මාර්ගයක මියගොස් සිටි අයෙකි.

     

    දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ දී සිදුකරන ලද අහඹු PCR පරීක්ෂණයකින් පුද්ගලයන් 03 දෙනෙකුට එම වෛරසය ශරීරගත වී ඇති බවට අද උදෑසන හඳුනාගෙන තිබෙනවා.

    කොවිඩ් වෛරසය පසුගිය කාලයේ සිටම මේ දක්වාම දඹුල්ල මහ නගර සභා බල සීමාවේ කිසිදු ආසාදිතයෙකු සොයා ගෙන නොසිටී අතර ආර්ථික මධ්‍යස්ථානය තුළ කම්කරුවන්, වෙළඳ සහයකයන් ව්‍යාපාරිකයන් ඇතුළු පුද්ගලයින් 200 දෙනෙකුගේ PCR පරීක්ෂණ අහඹු ලෙස සිදුකළ බවයි නාගරික සෞඛ්‍ය අංශය සඳහන් කළේ.

    ඒ අනුව ඊයේ රාත්‍රියේ දී නිකුත් කරන ලද වාර්තා අනුව ආර්ථික මධ්‍යස්ථානය තුල සිදුකරන ලද PCR පරීක්ෂණ මගින් පුද්ගලයින් තිදෙනෙකු කොවිඩ් ආසාදිතයන් බවට හඳුනාගෙන තිබේ.

    පොහොය නිමිත්තෙන් අද දිනයේදී දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වසා තබා ඇති බැවින් ආසාදිතයන් සොයා මේ වන විට මෙහෙයුමක් ක්‍රියාත්මක කරමින් සිටින බව නගරාධිපති ජාලිය ඕපාත මීට සුළු මොහොතකට පෙර ප්‍රකාශ කර සිටියා.

    මාරවිල මුදුකටුව මාර්ගයේ මත්ස්‍ය වෙළෙඳ සැල් අද (28) දහවල් සිට වසා දැමීමට කටයුතු කළ බව නාත්තන්ඩිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය උපුල් ජයතිලක මහතා පවසයි.

    සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා පවසා සිටියේ මුහුදු බඩ මුහුදුකටුව මාර්ගයේ මාළු වෙළදාමේ නිරත වු අයකු ජෛව පටල සාම්පල පරීක්ෂණයකින් පසුව කොවිඩ් 19 ආසාධිතයකු බවට සනාථ වීමත් සමග මුහුදුකටුව මත්ස්‍ය වෙළෙඳ සැල් වසා දැමිමට කටයුතු කල බවයි.

    අදාල ආසාධිතයා සමග 50 දෙනෙකු දින දෙකකට පෙර හදිසි ජෛව පටල සාම්පල පරික්ෂාවකට ලක්කර ඇති අතර අදාල වාර්තා 28 දින ලැබී තිබු බවත් එහිදි මෙම මත්ස්‍ය අලේවි සැල් වල වෙළඳාම් කල අදාල තැනැත්තා ආසාධිතයකු බවට සනාථ වී ඇති බව කියයි.

    මේ අනුව මුහුදුකටුව සිට වෙන්නප්පුව දක්වා මුහුදු බඩ මාර්ගය දෙපස මත්ස්‍ය වෙළෙඳාමේ නිරත ස්ථාන 100 ක් පමණ සම්පූර්ණයෙන් නැවත දැනුම් දෙන තුරු වසා දැමූ බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා පවසයි.

    Latest News