තවත් අක්කර 39ක්; මුල් පදිංචිකරුවන් වෙත (වීඩියෝ)

ජන 19, 2019
  • යුද හමුදාව භාරයේ පැවති අම්පාර දිස්ත්‍රික්කයේ ඉඩම් අක්කර 39කට අධික ප්‍රමාණයක් මුල් පදිංචිකරුවන් වෙත බාරදෙනු ලැබිණ.

    උත්සවය, අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ දී ඊයේ පැවැත්විණ. දශක තුනකට ආසන්න කාලයක් යුද හමුදාවේ කඳවුරු ස්ථාපිත කර තිබූ රජයේ සහ පෞද්ගලික ඉඩම් මෙලෙස මුල් පදිංචිකරුවන් වෙත බාරදී තිබේ. ඉඩම් බාරදීම සංකේතාත්මකව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා මහතා වෙත පිරිනමනු ලැබුවේ, ආරක්ෂක සේනා නැගෙනහිර ආඥාපති මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතා විසින්.

    අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවල ද යුද හමුදාව බාරයේ තිබූ ඉඩම් බොහෝ ප්‍රමාණයක් මුල් පදිංචිකරුවන් වෙත නිදහස් කිරීමේ මේ වන විටත් සිදුකර තිබේ. ජාතික ආරක්ෂාවට මුල්තැන දෙමින් මනා ආරක්ෂක තක්සේරුවකින් පසු තවදුරටත් නිදහස් කළ හැකි ඉඩම් කඩිනමින් මුදාහැරීමට කටයුතු කරන බවයි, ආරක්ෂක සේනා නැගෙනහිර ආඥාපතිවරයා සඳහන් කළේ.

     

    Last modified on සෙනසුරාදා, 19 ජනවාරි 2019 22:00

    Latest News