කුණු වහගන්න පොහොට්ටු නගරාධිපති මාධ්‍යවේදීන් පන්නයි

ජන 19, 2019

    මාතලේ දිස්ත්‍රික් පළාත් පාලන ආයතන ගැටලු සහ වර්තමාන තත්ත්වය පිළිබඳව ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා සමග සාකච්ඡාවට මාධ්‍යවේදීන්ට ඇතුළු නොවන ලෙස දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත දැනුම් දී තිබේ.

    පළාත් පාලන ආයතන ප්‍රධානීන් සහ නිළධාරින් මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතාගේ සහභාගිත්වයෙන් දඹුල්ල මහ නගර සභා ශ්‍රවණාගාරයේදී අද පෙරවරු 9.30 ට පැවැත්වීමට සූදානම් කර තිබිණි.

    මෙම අවස්ථාව මාධ්‍ය ආවරණය කර දෙන ලෙස මධ්‍යම පළාත් ආණ්ඩුකාර වරයාගේ මාධ්‍ය ඒකකය මගින් ප්‍රාදේශීය මාධ්‍යවේදීන් හට දැනුම් දී තිබිණ. ඒ අනුව 9.30 වන විට මාධ්‍යවේදීන් සියලු දෙනාම එම ස්ථානයට පැමිණ සිටි බව අප වර්තාකරු පවසයි. දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත එම ස්ථානයට පැමිණි පසු සාකච්ඡාව ඇතුළත පටිගත කිරීම් සිදු නොකරන ලෙසත් පිටත සිදුවන දේ රූපරාමු ලබාගෙන වාර්තා කරන ලෙස දැනුම් දී තිබේ.

    මාධ්‍යවේදීන් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර රැස්වීම් ශාලාවේ රැඳී සිටි සිටියහ.ආණ්ඩුකාරවරයාගේ මාධ්‍ය නියෝජිතයෙකු පසුව කියා සිටියේ මාධ්‍යවේදීන්ට ඇතුළට පැමිණ එහි වාර්තා කරන ලෙසයි.


    කෙසේ වෙතත් එම ස්ථානයට පැමිණ නගරාධිපතිවරයා කියා සිටියේ පළාත් පාලන ආයතනවල පවතින විවිධ අඩුපාඩු ගැටළු පිළිබඳව ස්ථානය සාකච්ඡා කරන නිසා සාකච්ඡා අවශ්‍යනම් රූපරාමු ලබාගෙන එළියට පැමිණ සාකච්ඡාවෙන් අනතුරුව ඕනෑම ප්‍රශ්නයක් විමසිය හැකි බවයි. කසළ අංගනය නිරීක්ෂණය සිදු කරන අවස්ථාවට මාධ්‍යවේදීන්ට සහභාගිවීමට හැකි බවද නගරාධිපතිවරයා සඳහන් කළේය.

    කිසිවිටත් ආණ්ඩුකාර කාර්යාලයෙන් විධිමත් ලෙස මාධ්‍යවේදීන්ට මාධ්‍ය ආවරණයකට සිදුකළ ඉල්ලීමට අනුව පළාත් පාලන ආයතනවල පවතින ගැටලු තත්ත්වය වාර්තා කිරීමට නොහැකි වීමත් සමඟ සියලුදෙනාම පිටව ගොස් තිබේ.

    මාතලේ පළාත් පාලන ආයතනවල නියෝජිතයන් කියා සිටින්නේ පළාත් පාලන ආයතනවල දැඩි ප්‍රශ්න ගැටලු රැසක් පවතින බවයි. මාධ්‍යවේදීන්ට ස්ථානයට ඇතුළුවීමට ඉඩ ලබා නොදීම පිළිබඳව එම නියෝජිතයන් දැනුවත් වී නැති බව ද ඔවුහු සඳහන් කළහ.

    dambullameeting px 900 19 01 19

    Latest News