ඉරණමඩු ජලය යාපනයට

ජන 19, 2019

    ඉරණමඩු ජලාශයේ අතිරික්ත ජලය යාපනයට රැගෙන යාමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්ම කිරීමට උතුරු පළාත් ආණ්ඩුකාර සුරේන් රාඝවන් මහතාගේ අවදානය යොමු තිබේ.

    ආණ්ඩුකාරතුමන් උතුරු පළාත් වාරි මාර්ග දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂක ඉංජිනේරු එන්. සුදාකරන් මහතා අමතා මුහුදට ගලා බසින 60%ක ජල ප‍්‍රමාණය යාපනය ප‍්‍රදේශයට ගෙන ගොස් එම ප‍්‍රදේශයේ ජීවත් වන ජනතාවගේ ජිවනෝපායන් ඇතුළු කෘෂිකාර්මික කටයුතු සඳහා යොදා ගැනීමට ව්‍යාපෘති යෝජනාවක් සකස් කර දෙන මෙන් දන්වා සිටියේය.

    උතුරු පළාත් ආණ්ඩුකාරවර ආචාර්ය සුරේන් රාඝවන් මහතා ඊයේ දින (18) හදිසියේ ඉරණමඩු ජලාශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

    පසුගිය ජනවාරි 10 වැනි දින ආණ්ඩුකාරතුමා ජලාශය නිරීක්ෂණය කිරීමේදී නිලධාරීන් සමඟ සාකච්ඡා කළ පරිදි ගත් තීන්දු තීරණ ක‍්‍රියාත්මක කිරීම පිළිබඳවත් මේවන විට ඉරණමඩු ජලාශයේ තත්ත්වය පිළිබඳවත් සොයා බැලීම සඳහා ආණ්ඩුකාරතුමා මෙම හදිසි සංචාරයේ නිරත විය.

    එහිදී ප‍්‍රධාන ඉංජිනේරුතුමන් සහ අනෙකුත් නිලධාරීන් සමඟ කළ සාකච්ඡාවේ දී ආණ්ඩුකාරතුමන්ව දැනුවත් කළේ මෙම මස (31) වනවිට ඉරණමඩු ජලාශයේ කාන්දු වීම නිවැරදි කොට සම්පූර්ණ ජලාශයේ අලූත්වැඩියා කටයුතු අවසන් කිරීමට හැකි බවයි.

    එසේම ඉදි කිරීම් සඳහා දායක වූ පෞද්ගලික කොන්ත‍්‍රාත් සමාගම ඉදිරි මාස 6 තුලදී ද නිරන්තර නිරීක්‍ෂණ කටයුතු සහ නඩත්තු කටයුතු සිදු කරන බව ද ප‍්‍රධාන ඉංජිනේරුතුමන් මෙහිදී සඳහන් කළේය.

    තවද ඉරණමඩු ජලාශයේ 40%ක ජලය කෘෂිකර්මාන්තයට යොදා ගන්නා අතර ඉතිරි 60%ක ජලය පාවිච්චියෙන් තොරව මුහුදට ගලා බසින බව මෙහිදී හෙළි විය.

    Latest News