6-11 පන්ති ඉල්ලා දෙමාපියන් පාරට

ජන 19, 2019

    අම්බලන්ගොඩ පොල්වත්ත බුද්ධදත්ත ආදර්ශ පාසලේ දෙමව්පියන් අම්බලන්ගොඩ කලාප අධ්‍යාපන කාර්යාලය ඉදිරිපිට ගාලු මාර්ගයේ එක් මංතිරුවක් අවහිර කරමින් උද්ඝොෂනයක නිරත විය.

    එම පාසලේ 1 ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණියේ දක්වා පමණක් පන්ති පැවැත්වෙන බැවින් 6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණියේ දක්වා පන්ති ආරම්භ කරදෙන ලෙසට ඉල්ලමින් දෙමව්පියන්  උද්ඝොෂනයක නිරත විය.ඔවුන් කියා සිටියේ තම දරුවන් 5 ශ්‍රේණියේ සමත්විමෙන් පසුව 6 ශ්‍රේණියේ සදහා ඇතුලත් කිරිමට පාසලක් ලබාදෙන ලෙසටයි.

    නැතහොත් මෙම පාසල තුල 11 ශ්‍රේණියේ තෙක් ගොඩනැගිලි ඉදි කරදෙන ලෙසටයි.අනතුරුව මෙ ස්ථානයට පැමිණි  අම්බලන්ගොඩ පොලිස්ථානාධි පති ඉන්දික ගමගේ මහතා ප්‍රධාන ආමාත්‍ය ශාන් විජේලාල් ද සිල්වා මහතා සමග සදුදා දිනයේ සාකච්ජාවක් ලබා දෙන බවට පොරොන්දු විමෙන් අනතුරුව උද්ඝොෂනය අවසන්විය.

    දරුවන් 117 දෙනෙකු  මෙවන විටත් පාසලක් නොමැතිව සිටින බව ද මවුපියන් පැවසිය.අම්බලන්ගොඩ කලාප අධ්‍යාපන කාර්යාලය සදහන් කළේ අදාළ පාසල සදහා ද්විතිය පාසලක් ලෙස කලුවඩුමුල්ල ගාමිණී මහ විද්‍යාලයය ලබා දී ඇති බවත් 6 ශ්‍රේණිය සමත් දරුවන් 100ට වැඩි ප්‍රමාණයක් මෙවන විට පාසල් වෙත ඇතුලත් කර ඇති බවයි.

    Latest News