ඩ්‍රෝන මෙහෙයුම් වලින් 117ක් අත්අඩංගුවට

නොවැ 20, 2020

    ඩ්‍රෝන මෙහෙයුම්වලින් මේ වනවිට පුද්ගලයින් 117ක් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසයි.

    හුදකලා කිරීමට අදාළ නිරෝධායන නියෝගය පොලිස් වසම් 24 ක් ආශ්‍රිතව තවදුරටත් ක්‍රියාත්මක පවතී.

    මේ අතර ඊයේ (19) දිනයේ දීත් හුදකලා කළ ප්‍රදේශ සම්බන්ධයෙන් විශේෂ බුද්ධි මෙහෙයුමක් ක්‍රියාත්මක වු බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

    මේ අතර, ගතවූ පැය 24ක කාලය තුළ නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 46 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

    ඔවුන් සියලු දෙනා මුහුණු ආවරණ පැළඳ නොසිටීම සහ සමාජ දුරස්ථභාවය පවත්වාගෙන නොයාම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශවරයා පැවසුවේය.

     

    Last modified on සිකුරාදා, 20 නොවැම්බර් 2020 20:03

    Latest News