එල්.ටී.ටී.ඊ සැමරුම් සඳහා තහනම් නියෝග නිකුත් වේ

නොවැ 19, 2020

    වව්නියාව සහ මන්නාරම ප්‍රදේශවල එල්.ටී.ටී.ඊ සැමරුම් පැවැත්වීම අත්හිටුවමින් අදාළ අධිකරණ මගින් තහනම් නියෝග නිකුත්කර තිබේ.

    පොලිසිය විසින් සිදුකළ ඉල්ලීමකට අනුව වව්නියාව සහ මන්නාරම මහෙස්ත්‍රාත් අධිකරණ විසින් එම තහනම් නියෝග නිකුත් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

    ඒ අනුව, මන්නාරම ප්‍රදේශයේ පුද්ගලයින් 5 දෙනෙකුට සහ වව්නියාව ප්‍රදේශයේ පුද්ගලයින් 8 දෙනෙකුට එරෙහිව මෙම තහනම් නියෝග නිකුත්කර තිබේ.

    අපරාධ නඩු විධාන සංග්‍රහයේ ප්‍රතිපාදන පරිදි එම නියෝගය සිදුකර ඇති අතර එම තහනම් නියෝග වගඋත්තරකරුවන් වෙත භාරදීමට නියමිතය.

    යම් පුද්ගලයෙක් එල්.ටී.ටී.ඊ සැමරුම් පැවැත්වීමට කටයුතු කළහොත් ඊට එරෙහිව අධිකරණ නියෝග කඩ කිරීම සම්බන්ධයෙන් නඩු පැවරිමට කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය.

    Latest News