කොවිඩ් - 19 වසංගත ව්‍යාප්තිය හේතුවෙන් එහි කටයුතු තාවකාලිකව අත්හිටුවා තිබුණි.
කෙසේ වෙතත්, කොවිඩ් - 19 රෙගුලාසි වලට අනුකූලව හෙට දිනයේ සිට කෝප් කටයුතු නැවත ආරම්භ කිරීමට පියවරගන්නා බව එහි සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා පැවසීය.
ඒ අනුව හෙට කෝප් කමිටුව සඳහා මාර්ග සංවර්ධන අධිකාරිය, මහාමාර්ග අමාත්‍යංශයේ සහ අදාළ ව්‍යාපෘති කළමනාකරණ ඒකකයේ නිළධාරීන් කැඳවීමට නියමිතව තිබේ.
මධ්‍යම අධිවේගී මාර්ගයේ ශක්‍යතා අධ්‍යයනය සහ ප්‍රසම්පාදන ක්‍රියාවලිය පිළිබඳ සිදුකර ඇති විශේෂ විගණන වාර්තාව මෙහිදී සළකා බැලීමට නියමිත බව වාර්තා වේ.