මෙරට පොලිස් කොවිඩ් පොකුර 800 ඉක්මවයි

නොවැ 19, 2020

    ඊයේ (18) මෙරටදී හඳුනාගත් කොවිඩ් - 19 වෛරස ආසාදිතයන් අතරට පොලිස් නිලධාරීන් 08 දෙනෙකුද අයත් වන අතර ඉන් 06 දෙනෙකුම පොලිස් විශේෂ කාර්ය බළකා සාමාජිකයින් වේ.

    ඒ අනුව ආසාදිතයන් ලෙස හදුනාගත් පොලිස් නිලධාරීන් සංඛ්‍යාව මේ වනවිට 833 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    ඉන් 203 ක් පොලිස් විශේෂ කාර්ය බළකා සාමාජිකයින්ය.

    මේ අතර පේරාදෙණිය පොලිස් ස්ථානයේ තවත් පොලිස් නිලධාරීන් සිව්දෙනෙකුට කොවිඩ් - 19 වෛරසය ආසාදනයවී ඇතැයි, තහවුරුවීමත් සමග එම පොලිස් ස්ථානයෙන් මේ දක්වා හඳුනාගත් ආසාදිතයින් ගණන 5 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

    එම පොලිස් ස්ථානයේ රථවාහන අංශයේ නිලධාරියෙකුට වෛරසය ආසාදනයවී ඇති බව පළමුවරට හඳුනාගැනුණේ ඉකුත් 15 වනදාය.

    අලුතින් හඳුනාගත් ආසාදිතයින් සිව්දෙනා අතරින් තිදෙනෙකුම රථවාහන අංශයේ පොලිස් නිලධාරීන් වන අතර අනෙක් පුද්ගලයා කොවිඩ් ආසාදිතයින් සෙවීමේ රාජකාරි කටයුතු වලට සම්බන්ධ වූ පොලිස් නිලධාරියෙකි.

    මේ හේතුවෙන් එම පොලිස් ස්ථානයේ නිලධාරීන් 135 දෙනාම ස්වයං නිරෝධායනයට යොමුකර තිබේ.

    පොලිස් ස්ථානයේ රාජකාී කටයුතු සඳහා වැඩබලන පොලිස් ස්ථානාධිපතිවරයෙකුගේ ප්‍රධානත්වයෙන් නව කණ්ඩායමක් තාවකාලිකව පත් කිරීමට පොලිසිය පියවරගෙන ඇතැයි වාර්තා වේ.

    එමෙන්ම බන්ධනාගාර ආශ්‍රිත වෛරස ආසාදිතයින් ගණන 532 ක් දක්වා ඉහළගොස් තිබේ.

    ඒ, ඊයේ වැලිකඩ බන්ධනාගාරයෙන් හඳුනාගත් නව ආසාදිතයින් 21දෙනා ද සමගිනි.

    Latest News